ඉන්දියාව තුළ වෙසෙන කොටි ගහනය පසුගිය වසර 4ක කාලයේදී 30% කින් ඉහළ ගොස් ඇති බව ඉන්දීය පරිසර අමාත්‍යංශය පවසයි.
ඉන්දීය පරිසර අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති නවතම සංගණන වාර්තාවට අනුව 2010 වසරේ 1706 වූ එරට කොටි ගහනය මේ වනවිට 2226 දක්වා වැඩි වී ඇති බව පෙන්වා දෙයි.
ඉන්දියාව තුළ දිගින් දිගටම කොටි ගහනය අඩු වෙමින් පවතින බවට පැමිණිලි කරමින් සිටි පරිසරවේදීන්ට මෙය මහත් අස්වැසිල්ලක් වනු ඇති බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.
ලෝකය තුළ ජීවත් වන සමස්ත කොටි ගහනයෙන් 70 % ක් පමණ ඉන්දියාව ආශ්‍රිතව ජීවත් වන බව ඇස්තමේන්තු කර තිබේ.