ඉන්දියාවේ ඇසෑම් ගංවතුරින් ජීවිත හානි සිදුවෙයි
මෝසම් වැසි සක්‍රීය වීමත් සමග ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ජීවිත හානි රැසක් සිදුව ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන පරිදි ඇසෑම් ප්‍රාන්තයේ, ග්වාහති අගනුවර ස්ථාන රැසක් ජලයෙන් යට වී තිබෙන අතර, ජීවිත හානි 11ක් පමණ වාර්තා වන බවද පෙන්වා දෙයි.
ඇසෑමයේ ‘ගුවාහති’ අගනුවර බොහෝ කලාප ගංවතුරින් යට වූ අතර නගර වැසියන්ට ඉන වටක් වතුර පැමිණ ඇති බවත්, බොහෝ රික්ෂෝ යතුරුපැදිකරුවන් මගීන් නංවාගෙන ජලයේ ඇවිද යන ආකාරය දැකිය හැකි බවත් පැවසෙයි.
එහිදී, ජීවිතක්ෂයට පත්වූවන් නිවාස කඩා වැටීම නිසා හා විදුලි සැර වැදීමෙන් අභාවයට පත්ව ඇති බවද කියැවෙයි.
මෝසම් වැසි තදින් ලැබෙන නිසා මේ වනවිට බ්‍රහ්මපුත්‍ර සහ වෙනත් ගංගාවන්හි ජල මට්ටම සැලකිය යුතු පරිමාණයෙන් ඉහළ ගොස් ඇති බව කාලගුණ අංශ පෙන්වා දෙයි.
මේ තත්ත්වය තුළ ඇසෑමයේ වෙනත් ප්‍රදේශත් ගංවතුර උවදුරට මුහුණ පා ඇති බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

