ඉන්දීයාවේ දිල්ලි නගරයේ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙක් ඉන්දියාවෙන් ඉවත්ව යෑමට නියමිත බව ඇමෙරිකාව තහවුරු කරයි.
ඇමෙරිකාවේදී අත්අඩංගුවට පත් දිව්යානි කොබ්රගඩේගේ සිදුවීමත් සමග දෙරට අතර ඇතිවූ රාජතාන්ත්රික නොහොඳ නොක්කාඩුකම්වල අලුත්ම සිදුවිම මෙය බවද පැවසෙයි.
ඉන්දීය රජයේ ඉල්ලීමකට අනුව තම තානාපති කාර්යාල නිලධාරියෙක් ඉන්දියාවෙන් ඉවත් වීමට නියමිත බව ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
කෙසේ වෙතත් මෙම සිදුවිම සම්බන්ධයෙන් තමන් දැඩිව කනගාටුවන බව ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
පසුගිය මාසයේදී නිව්යෝක් නුවරදී දිව්යානි අත්අඩංගුවට පත්වූයේ ඇයට එරෙහිව ඇගේ නිවසේ මෙහෙකාරිය විසින් ගොනුකරන ලද පැමිණිල්ලකට අනුවය. මෙහෙකාරියට එකඟවූ මුදලට වඩා අඩු වේතනයක් ගෙවීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වූ අතර, විසා වංචාවක් සම්බන්ධයෙන්ද චෝදනා ගොනුවිය.
කෙසේ වෙතත් ඇමෙරිකානු අධිකරණය අධිචෝදනා ගොනුකරමින් පසුගිය බ්රහස්පතින්දා ඇයට ඇමෙරිකාව හැරයන ලෙස නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව, දිව්යානි ඊයේ (10දා) සවස දිල්ලියට පැමිණියාය.