ඉන්දියාවේ වනෝද්‍යානයක් ආශ්‍රිතව ජීවත් වන වයෝවෘද්ධ හා එරට ජනතාව අතර ජනප්‍රිය කේසර සිංහයා වයස හේතුවෙන්ම ජීවිතක්ෂයට පත්ව තිබේ.
රාම් යනුවෙන් හැඳින්වෙන මෙම සිංහයා පසුගිය සෙනසුරාදා ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ගුජරාට් ප්‍රාන්තයේ, ගිර් විනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු පවසති.
වසර 15ක් පමණ ආයු වළඳා ඇති බව පැවසෙන රාම්, චිත්තාකර්ෂණීය මෙන්ම, එරට තුළ වැඩි වාර ගණනක් ඡායාරූපයට නැගි ඇති සිංහයා බවද වනජීවී නිලධාරීහු පවසති.
ගිර් වනෝද්‍යානය ආසියාතික සිංහයන් 500කට පමණ නිජභූමිය වී ඇති අතර, මෙය ලෝකයේ ආසියාතික සිංහ ගහනයක් පවතින එකම ස්ථානය ලෙසද සැලකෙයි.
රාම් සිංහයාට ශ්‍යාම් නමින් සහෝදරයෙකුද සිටින බවත්, ඔවුන් දෙදෙනා පසුගිය පසුගිය වසර කිහිපය තුළ ගිර් වනෝද්‍යානය තුළ රජකම් කළ බවත් වනජීවී නිලධාරීහු වැඩිදුරටත් පවසති.