ඇමෙරිකාවේදී අත්අඩංගුවට පත්ව, ඉන්දියාව හා ඇමෙරිකාව අතර රාජතාන්ත්රික මට්ටමේ විරසකයක් ඇති කළ ඉන්දීය තානාපති නිලධාරිනියට එරෙහිව පැවති චෝදනා ඇමෙරිකානු අධිකරණයක් විසින් ඉවත් කරගෙන ඇති බව වාර්තා වෙයි.
වීසා වංචාවක් මෙන්ම, සිය ගෘහ සේවිකාවට අඩු වේතනයක් ගෙවීම යන චෝදනා එල්ල කරමින් දේවියානි කෝබ්රාගේඩ්ට එරෙහි චෝදනා එල්ල කරමින් ඇය අත්අඩංගුවට ගැනීමට මීට පෙර ඇමෙරිකාව කටයුතු කළේය.
කෙසේ වෙතත් සිය තානාපති නිලධාරිනියව අත්අඩංගුවට ගැනීමත් සමග කෝප වූ ඉන්දියාව ඇමෙරිකාවට එරෙහිව දැඩි රාජාතාන්ත්රික ක්රියාමාර්ග ගන්නා බවට අනතුරු ඇඟවීය.
ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට වූ ආරක්ෂක මුරකාවල් ඉවත් කළේය. ඇයගෙන් සමාව ගත යුතු බව කියා සිටියේය. මේ තත්ත්වය තුළ දේවියානිව හැකි ඉක්මණින් ඉන්දියාව වෙත එවීමට ඇමෙරිකාව කටයුතු කළේය.
කෙසේ වෙතත් ඉන්දියාවට පැමිණිමෙන් අනතුරුව ඇය සිය නීතීඥයන් මාර්ගයෙන් තම නඩුව මෙහෙය වූ දේවියානි, නීතිය කිසියම් දිනක ජයග්රහණය කරන බව පවසන්නට විය.