ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය කරා යන රාජ්‍යයක් ලෙස එක් මෙහෙයුමකින් චන්ද්‍රිකා 20ක් අභ්‍යවකාශ ගත කරමින් ඉන්දියාව එම ක්ෂේත්රයේ ලෝක වාර්තාවලට සූදානම් වෙමින් සිටියි.
ඉන්දීය ඉතිහාසයේ එදාමෙදා තුර මෙතරම් චන්ද්‍රිකා ප්‍රමාණයක් එකවර අභ්‍යවකාශ ගත කළ අවස්ථාවක් වාර්තා නොවන බැවින්, මෙය ඉන්දියාවේ බලාපොරොත්තු සහිත අභ්‍යවකාශ වැඩසටහනේ යෝධ පියවරක් බවට පත්ව තිබේ.
මෙසේ අභ්‍යවකාශ ගත කෙරුණු චන්ද්‍රිකා අතර ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය හා ඉන්දුනීසියාවට අයත් චන්ද්‍රිකා මෙන්ම ඉන්දියාවට අයත් චන්ද්‍රිකාද වෙයි.
ඉන්දියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශයක් වූ ශ්රීහරිකෝතා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මෙම චන්ද්‍රිකාවන් රැගත් යානය අභ්‍යවකාශ ගත කෙරිණි.
මේ සමගම ඉන්දියාව ඩොලර් බිලියන ගණනින් ඉපයිය හැකි සුවිශේෂී ව්‍යාපාරයකට අත ගසා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, එකවර චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් අභ්‍යවකාශය වෙත රැගෙන ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, එහි වාර්තාවට හිමිකම් කියන්නේ රුසියාවයි. 2014 වසරේදී රුසියාව චන්ද්‍රිකා 37ක් එකවර අභ්‍යවකාශ ගත කර තිබේ.
මේ අතර, ඇමෙරිකාවේ නාසා අභ්‍යවකාශ ඒජන්සිය මීට පෙර චන්ද්‍රිකා 29ක් එකවර අභ්‍යවකාශගත කර තිබේ.