පසුගිය මාස කිහිපයේ දැඩි උණුසුම් කාලගුණයකින් බැට කෑ ඉන්දියාව, මේ වනවිට මෝසම් වැසි හේතුවෙන් ගංවතුර තර්ජනයකට මුහුණ දී පුද්ගල ජීවිත 70ක් අහිමි වී තිබේ.
එරට ගුජරාට් ප්‍රාන්තයේ පෞද්ගලික හා රජයේ දේපොළ රැසකට වර්ෂාව සමග දැඩි හානි පැමිණ ඇති බව බලධාරීහු පවසති.
බලධාරීන් පෙන්වා දෙන්නේ 10,000කට අධික පිරිසක් උස් බිම් කරා රැගෙන ගොස් ඇති බවයි.
විපතට පත්වූවන්ට අවශ්‍ය වියලි ආහාර ගුවන් මගින් හෙළමින් සිටින බවත්, 1000ක් පමණ ගුවනින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගිය බවත් ඉන්දීය ගුවන් හමුදාව පවසයි.