ඉතාලියේ, මිලාන් නුවර අධිකරණ මන්දිරයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කළ බවට සැක කෙරන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඝාතනය සිදුකළ පුද්ගලයා පළායෑමට උත්සාහ කළ අවස්ථාවේදී මිලිටරි පෝලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි. ඔහු වත්කම් බංකොලොත්වීමේ සිදුවීමට අදාළ විත්තිකරුවෙකු බව පොලීසිය පවසයි.
අද උදෑසන කාලයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ඒ සමගම එහි සිටි විශාල පිරිසක් අධිකරණ මන්දිරයේ පිටව යාමේ දොරටුව වෙත දිව ආ බවත්, ඒ අතර මිලිටරි පොලීසිය තුවක්කුකරු සොයා දැඩි සෝදිසියක් සිදුකළ බවත් පැවසෙයි.