ඊසානදිග ඉතාලියේ, අන්කෝනා ප්රදේශයේ මහා මාර්ගයක වූ ගුවන් පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට ඒ14 මාර්ගයේ වූ මෙම පාලම කඩා වැටෙන අවස්ථාවේදී ඊට පහළින් වූ මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක සිටි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉතාල අධිවේගී මාර්ග ඒජන්සිය පෙන්වා දෙන්නෙ මෙම පාලමට තාවකාලික ශක්තියක් ලබාදීම සඳහා නිම කර තිබූ තාවකාලික අට්ටාලයක් කඩා වැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
ඒ අනුව, මෙම පාලමේ කටයුතු සිදුකරමින් සිටි රෝමානුවන් දෙදෙනෙකුද මෙම අනතුරින් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.