ඇෆ්ගනිස්ථානයේ විශාලතම ඇමෙරිකානු කඳවුරට ප්රහාර
ඇෆ්ගනිස්තානයේ, බග්රාම් ප්රදේශයේ වූ ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරක් වෙත තලේබාන් මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල වී තිබේ.
ඇෆ්ගනිස්තානය තුළ පිහිටි විශාලතම ඇමෙරිකානු කඳවුර ලෙස සැලකෙන බග්රාම් වෙත එල්ල වූ මරාගෙන මැරෙන ප්රහාරයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එහි සේවකයෙකු ලෙස පැමිණ ඇති ප්රහාරකයා කඳවුර තුළදී ප්රහාරය සිදුකර ඇති බවත්, මෙය කඳවුර වූ ආරක්ෂාවේ දැඩි හිදැසක් පිළිබිඹු කළ අවස්ථාවක් බවත් විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මෙවැනි ආකාරයේ ප්රහාරයක් එරට ඇමෙරිකානු හමුදා කඳවුරක් තුළ සිදුවූ ප්රථම අවස්ථාව ලෙසද මෙය සැලකෙයි.
ඇෆ්ගනිස්ථානයේ කාබුන් අගනුවරට උතුරින් පිහිටි බග්රාම් ඇමෙරිකානු හා නේටෝ හමුදා පසුගිය වසර 14ක කාලය තුළ භාවිත කළ ප්රධාන හමුදා හා ගුවන් කඳවුරක් ලෙස සැලකෙයි.
මෙම ප්රහාරයේ වගකීම තලේබාන් ඉස්ලාම් ත්රස්තවාදීන් විසින් භාරගෙන තිබේ.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

