ඇෆ්ගනිස්ථානයේ උතුරුදිග පළාත තුළ පසුගිය සතියේදී හටගත් ගංවතුර හේතුවෙන් මරණයට පත්ව ඇති පිරිස 150 ඉක්මවා ඇති බව පැවසෙයි.
ගංවතුර තත්ත්වය නිසා ඇතැම් ප්‍රදේශ වෙත තවමත් ළඟාවිය නොහැකි බව පැවසෙන්නේ එම මාර්ග ජලයෙන් යටවී ඇති නිසාය.
ජොවාස්ජෑන් පළාතේ ආණ්ඩුකාරවරයා බී.බී.සී. පුවත් සේවයට පවසා ඇත්තේ දහසකට අධික ජනතාවක් තවමත් කූඩාරම්වල දිවි ගෙවන බවයි.
මැට්ටෙන් නිර්මාණය කර ඇති බොහෝ නිවාස ගංවතුර තත්ත්වය නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පැවසෙයි.
ඔහු පෙන්වා දෙන්නේ එම ප්‍රාන්තයේ පමණක් මරණ සංඛ්‍යාව 70 ඉක්මවන බවයි.