දකුණුදිග ඇෆ්ගනිස්තානයේ වඩාත් තීරණාත්මක නගරයක් වන සන්ගින් හි බලය තලේබාන් සංවිධානය විසින් අත්පත් කරගනිමින් සිටින බව වාර්තා වෙයි.
හෙම්ලන්ට් පළාතේ පිහිටි මෙම නගරයේ බලය තවදුරටත් රජයේ හමුදා යටතේ පවතින බව ආණ්ඩුගාර මිර්සා ඛාන් රහීමි පවසා සිටියත්, ඔහුගේම නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා පවසන්නේ එහි බලය මේ වනවිටත් තලේබාන් සංවිධානයට අතට පත්ව ඇති බවයි.
තලේබාන් සංවිධානයද පෙන්වා දෙන්නේ ඔවුන් නගරයේ විශාල කොටසක බලය අත්පත් කරගෙන සිටින බවයි. එහිදී, නගරයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලද ඇෆ්ගන් හමුදාව අත්හැර දමා ගොස් ඇති බව ඔවුන් කියයි.