නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පිහිටි IS ඉස්ලාම් රාජ්‍යයට අයත් ගුවන්විදුලි සේවා මධ්‍යස්ථානයකට ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
'වොයිස් ඔෆ් ද කැලිෆේට්' ගුවන්විදුලි නාලිකාව අචින් දිස්ත්‍රික්කයේ, නන්ගර්හාර් ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අතර, ඇමෙරිකානු ඩ්‍රෝන යානයක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් පසුගිය වසරේදී ඇෆ්ගනිස්තානයටද ව්‍යාප්ත වූ අතර, ඔවුන් නවක සාමාජිකයන් බඳවා ගැනීම සඳහා ඒෆ්.එම්. නාලිකාවක් ආරම්භ කළේය.
ඔවුන් ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සමග මෙන්ම, තලේබාන් සටන්කාමීන් සමගද ගැටුම් ඇති කරගන්නා බව වාර්තා වෙයි.
මෙම ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් කිහිප දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ.