ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ෂියා මුස්ලිම් දේවස්ථානයක් තුළදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බකීර් උල් ඕලුම් දේවස්ථානය තුළ සිදුවූ මෙම මරාගෙන මැරෙන ප්රහාරයෙන් තවත් පුද්ගලයන් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
දේවස්ථානය තුළට පැමිණි මෙම පුද්ගලයා ජනයා රැස්වී සිටින ස්ථානයකට පැමිණ බෝම්බය පුපුරුවාගෙන ඇති බව ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ පවසයි.
මෙම ප්රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නොතිබුණත්, එය ෂියා මුස්ලම් ප්රජාව ඉලක්ක කරමින් පසුගිය කාලසීමාවේදී එල්ල වූ ප්රහාර මාලාවේ තවත් ප්රබල ප්රහාරයක් බවද කියැවෙයි. ෂියා මුස්ලිම් ප්රජාව ඉලක්ක කරමින්, ඇෆ්ගනිස්ථානයේ වෙසෙන සුන්නි කණ්ඩායම් විසින් දීර්ඝ කාලයක සිට මෙම ප්රහාර එල්ල කළ අතර, ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ද මෙම ප්රහාරවල වගකීම ගෙන තිබුණි.
දේවස්ථානයේ පළමු මහලේදී මෙම බෝම්බය පුපුරුවා ගන්නා විට එය ජනයාගෙන් පිරී පැවති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
ඇෆ්ගනිස්තාන වාර්තාවන්ට අනුව මියගිය පිරිස අතර කුඩා දරුවන්ද සිටියි.