ඇෆ්ගනිස්ථානයේ රතු කුරුස රෝහලේ සහන සේවිකාවක ලෙස කටයුතු කළ ස්පාඤ්ඤ ජාතික භෞතචිකිත්සකයෙකු රෝහලේ ප්රතිකාර ලැබූවෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.
38 හැවිරිදි ලොරේනා එනෙබ්රාල් පෙරේස් එරට මසර්-ඉ ෂරීෆ් නගරයේ රෝහලක් තුළදී මෙසේ ඝාතනයට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
වෙඩි වැදී සිටි ඇය ප්රතිකාර සඳහා මාර්මක් නේටෝ කඳවුරේ රෝහල වෙත රැගෙන ගියද, සිය තුවාල හේතුවෙන් වූ අධික රුධිර වහනය නිසා ඇය පසුව ජීවිතක්ෂයට පත්විය.
21 හැවිරිදි වියේ පසුවූ රෝගියා මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු නිතර රෝහලෙන් ප්රතිකාර ලබන්නෙකු ලෙස හඳුනාගෙන තිබේ.
පසුගිය කාලය තුළ තලේබාන් සංවිධානය මෙන්ම අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් විසින් ම්ලේච්ඡ ප්රහාර රැසක් එල්ල කළ ප්රදේශයකදී මේ ආකාරයෙන් විදෙස් රතු කුරුස සහන සේවකයෙකු ජීවිතක්ෂයට පත්වීම තුළ ඉස්ලාම් ත්රස්තවාදයේ හස්තයන් ඕනෑම ආකාරයකින් ක්රියාත්මක විය හැකි බව ප්රකට කර තිබේ.