ඇමෙරිකානු රාජ්ය ලේකම් රෙක්ස් ටිලර්සන් හදිසියේම ඇෆ්ගනිස්ථානයේ සංචාරයකට එක්ව තිබුණි.
ඇෆ්ගනිස්ථාන යුද්ධය අවසන් කිරීමේ ඇමෙරිකානු ප්රතිපත්තිය ඇෆ්ගන් නායකයන් සමග සාකච්ඡා කළ රාජ්ය ලේකම්වරයා එරට ජනපති අෂ්රෆ් ඝානි සහ ප්රධාන විධායක අබ්දුල්ලාහ් අබ්දුල්ලා මුණ ගැසී සාකච්ඡා කර තිබුණි.
කාබුල් අගනුවරට ඔබ්බෙන් වූ බග්රාම් ගුවන් හමුදා කඳවුරේදී මෙම විශේෂ හමු පැවැත්වුණු අතර, ඒවා විශේෂ හමුදා ආරක්ෂාවක් යටතේ පවත්වා තිබූ බවද සඳහන් වෙයි.
ඇෆ්ගනිස්තානය තුළ යළි හිස ඔසවමින් සිටින ජිහාඩ් අන්තවාදය පරාජයට පත්කිරීම සඳහා ඇෆ්ගනිස්ථානය වෙත අමතර ඇමෙරිකානු භට පිරිස් එවීම පිළිබඳවද සැලසුම් කරමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.