ඇෆ්ගනිස්ථානයේ දකුණුදිග හෙල්මැන්ඩ් ප්රදේශයට එල්ල වූ මරාගෙන මැරෙන කාර් බෝම්බයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නාවා දිස්ත්රික්කයේ හමුදා වාහනයක් ඉලක්ක කරමින් එල්ල වූ මෙම ප්රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබුණි.
පසුගිය සති කිහිපය තුළ මෙම ප්රදේශයේ දරුණු සටන් ඇවිලුණු බවද ඇෆ්ගන් බලධාරීහු පවසති.
රජයේ ප්රකාශකයෙකු සඳහන් කළේ ප්රහාරයට ගොදුරුවූවන් අතර හමුදා සාමාජිකයන් මෙන්ම සිවිල් වැසියන්ද සිටින බවයි.
තලේබාන් සටන්කාමීන්ගේ ග්රහණයෙන් නාවා දිස්ත්රික්කය මුදාගත් බව මීට මාසයකට පමණ පෙර ඇෆ්ගන් හමුදා පැවසුවත්, තලේබාන් ක්රියාකාරකම් තවදුරටත් ප්රදේශයේ පවතින බවට මෙම ප්රහාරය කදිම සාක්ෂියක් වී තිබේ.