ඇෆ්ගනිස්තානයේ, මසාර් ඉ-ෂරීෆ් නගරයේ ජර්මානු කොන්සල් ජෙනරාල් කාර්යාලය වෙත මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල වී තිබේ.
මෙම ප්රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට වේලාවෙන් ඊයේ (10දා) රාත්රී 11.00 ට පමණ මෙම ප්රහාරය සිදුව ඇති අතර, මහා ශබ්දයක් සමග පිපිරීමක් සිදුවූ බවත්, පසුව වෙඩි තැබීම් හඬ ඇසුණු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මෙම ප්රහාරයේ වගකීම තලේබාන් සංවිධානය විසින් භාරගෙන ඇති අතර, කුන්දූස් ප්රදේශයට එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්රහාරයන්ට ප්රතිචාර වශයෙන් මෙම ප්රහාරය දියත් කළ බව ඔවුන් පවසා තිබේ.