ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද ප්රතිඵලවලින් අබ්දුල්ලා අබ්දුල්ලා පසුකරමින්, අෂ්රෆ් ඝානි ඉදිරියට පැමිණීම මැතිවණය දූෂණයක් බව අබ්දුල්ලා පවසයි.
කාබුල් නගරයේදී තම ඡන්දදායකයන් අමතමින් අබ්දුල්ලා පවසා සිටියේ ඇෆ්ගන් මැතිවරණය ක්රියාවලියම දූෂිත බවයි.
මේ ආකාරයෙන් මැතිවරණ ප්රතිඵල සම්බන්ධයෙන් අපේක්ෂකයන් අතර වාදවිවාද යද්දී කාබුල් නගරය ආසන්නයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් නේටෝ සොල්දාදුවන් 4 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම, බග්රාම් ආසන්නයේ සිදුවූ තලේබාන් පහරදීමකින් සිවිල් වැසියන් 10 දෙනෙකු හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.