ඇස් පෙනීම ඉතා දුර්වල අයට පෙනීම ලබාදෙන උපැස් යුවලක්
ඇස් පෙනීම ඉතා දුර්වල, අන්ධභාවයට ආසන්න වූ පුද්ගලයන්ට පැහැදිලි දර්ශනයක් ලබාදීමට හැකි වන සේ වැඩි දියුණු කළ ඇසේ පැලඳිය හැකි කුඩා පරිගණකයකින් සමන්විත උපැස් යුවලක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබේ.
බ්‍රිතාන්‍ය ඔක්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් විසින් නිර්මාණය කර ඇති මෙම ඇස් කණ්ණාඩිය කුඩා පරිගණකයකින් සමන්විත අතර, අන්ධභාවයට ආසන්න, පෙනීම ඉතා දුර්වල පුද්ගලයන්ට පෙනීම ලබාදෙන අයුරින් වැඩි දියුණුකළ විශිෂ්ට සොයා ගැනීමක් බව කියැවෙයි.
එහිදී මෙම විශේෂිත ඇස් කණ්ණාඩිය සඳහා ඉතා කුඩා ප්‍රමාණයේ ත්‍රිමාන කැමරාවක් යොදාගෙන තිබේ.
එම ත්‍රිමාන කැමරාව පරිගණකයට සම්බන්ධ වන අතර කැමරාවෙන් ලබාදෙන රූප පරිගණකයෙන් සකස් කර ක්ෂණයෙන් ඇස් කණ්ණාඩිය මත දර්ශනය වීම සිදුවන බව කියැවෙයි.
අවට පරිසරය පිළිබඳ පැහැදිලි දැනීමක් ලබාදෙමින් අවට සිටින මිනිසුන්ගේ හා වස්තූන්ගේ රූප උසස් තත්වයකින් පෙනීමට සැලැස්වීම මෙහි විශේෂත්වය බවද කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
