ඇමෙරිකාවේ සුවිශාලතම කුකුල් පොර කෙටවීම දැලේ
කුකුලන් පොර කෙටවීම සඳහා යොදාගැනීමට සූදානම් කළ 3,000 ක් තරම් අති විශාල කුකුල් ගහනයක් අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාවේ නිව්යෝක් පොලීසිය කටයුතු කර තිබේ.
නිව්යෝක් පොලීසිය පෙන්වාදෙන පරිදි දැවැන්ත කුකුල් ගහනයක් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් එදාමෙදාතුර ඔවුන් සිදුකළ දැවැන්තම මෙහෙයුම මෙය බව කියැවෙයි.
පොලීසියට ලැබුණු ඔත්තුවක් මත කඩකාමරයක භූගත මහලේ සූදානම් කර තිබූ කුකුලන් පොර කෙටවීමේ තරග පිටිය වෙත රාත්රී කාලයේදී පොලීසිය ඇතුළු වී ඇති අතර, එහිදී, යකඩ පොරකටු සවිකළ කුකුල් නාම්බන් එකා පිට එකා තදවූ කූඩුවල බහා තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.
එම අවස්ථාවේදී කුකුලන් පොර කෙටවීම සඳහා සූදානමින් සිටි පුද්ගලයන් 70 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව සාහසික අපරාධ චෝදනා යටතේ නඩු පැවරෙන බව පොලීසිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

