උතුරුදිග කැලිෆෝනියා ප්රාන්තයට බලපා ඇති දරුනු ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජීවිත 29ක් අහිමි වී ඇති බවත්, ලැව්ගිනි තත්ත්වය වඩාත් බරපතළ වී ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
ප්රාන්තයේ සුප්රසිද්ධ මිදි වතු ආශ්රිතව ස්ථාන 22ක දරුණු ගිනි ගැනීම් වාර්තා වන බවත්, මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ පිරිසක් අතුරුදන්ව ඇති බවටද තොරුතුරු වාර්තා වන බවත් ආරක්ෂක අංශ පවසයි.
ඇමෙරිකානු බලධාරීන් විසින් ගින්න නිවාදැමීම සඳහා 8000කට අධික ගිනි නිවන හමුදාවක් යොදවා ඇති බව කියැවේ.
දැනට ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් ගොඩනැගිලි 3,500ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, අක්කර 170,000ක භූමි භාගයක්ද ගින්නට හසුව තිබේ.
මේ හේතුවෙන් අවතැන්ව සිටින පිරිස 25,000කට අධික බව සඳහන් වෙයි.
මියගිය පිරිසෙන් 15 දෙනෙකු සොනෝමා ප්රදේශයේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 8 දෙනෙකු මෙන්ඩෝසිනේ ප්රදේශයේදී ජීවිතක්ෂයට පත්ව තිබේ. එමෙන්ම, 4 දෙනෙකු යූබා ප්රදේශයේදීද, දෙදෙනෙකු නාපා ප්රදේශයේදීද ගින්නට හසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.