ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්රාන්තයට පැයට කිලෝමීටර් 215 ඉක්මවන සුළං ඇති කරමින් හාර්වි සුළි කුණාටුව ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
කාලගුණ අනාවැකි ඉක්මවමින් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි වේගයක සුළං මෙම සුළි කුණාටුව ඇති කර තිබෙන බවත්, එය ඇමෙරිකාව වෙත වසර 12ක කාලය තුළ බලපෑ ප්රබලතම සුළි කුණාටුව බවත් සඳහන් වෙයි.
එමෙන්ම, අඟල් 40ක් ඉක්මවන දැඩි වර්ෂාපතනයක්ද මෙම සුළි කුණාටුව සමග බලාපොරොත්තු වෙයි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ප්රාන්තය වෙත ආපදා තත්ත්වයක් ප්රකාශයට පත්කර ඇත.
සුළි කුණාටුවෙන් දැඩි හානි ගෙනදී ඇති ප්රදේශ වෙත කඩිනම් සහන සැලසීමේ අරමුණින් ෆෙඩරල් රජයෙන් ලබාදෙන ආධාර මුදාහැරීම සඳහා ජනාධිපතිවරයා මෙසේ ආපදා තත්ත්වයක් ප්රකාශයට පත්කර තිබේ.
මේ අතර, ටෙක්සාස් ආණ්ඩුකාරවරයාද ප්රාන්තය වෙත වාර්තාගත වර්ෂාපතනයක් ඇති කරනු ඇති බව පවසා සිටියේය.
මේ වනවිට හාවි සුළි කුණාටුව 4 වැනි මට්ටමේ සුළි කුණාටුවක් ලෙස වර්ග කර ඇති අතර, දැඩි සුළං සමග ඇද හැලුණු ගස් නිසා නගර රැසකට විදුලිය ඇණ හිටීමක්ද සිදුව තිබේ.
මේ අතර, ඇතැම් නගරවල බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන කර යොමුකර ඇති බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසයි.