ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හාවි සුළි කුණාටුව සමග ඇති වූ ප්‍රබල ගංවතුර තත්ත්වය හමුවේ හූස්ටන් නගරයේ රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් කටයුතු කර තිබේ.
ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වූ හාවි නිසා, කාලගුණ අංශ පවා බලාපොරොත්තු නොවූ වාර්තාගත වර්ෂාපතනයක් ඇති විය.
මේ නිසා හූස්ටන් නගරයෙන් විශාල කොටසක් සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යටවූ අතර, නිවාස හා දේපොළ විනාශ වෙමින් මිනිස් ජීවිත 15ක් මේ දක්වා අහිමි වී තිබේ.
හූස්ටන් නගරාධිපති සිල්වෙස්ටර් ටර්නර් පවසා සිටියේ ගංවතුර තත්ත්වය හමුවේ ජනතාව නිවෙස්වල නොමැතිවීම මත සිදුවිය හැකි ගෙවල් බිඳීම් වැළැක්වීමට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවූ බවයි.
හූස්ටන් නගරය ඇමෙරිකාවේ සිව්වැනි විශාලතම නගරය ලෙසද සැලකෙන අතර, ටෙක්සාස් වෙත බලපෑ හාවි නිසා සිදුව ඇති විනාශය සියැසින් දැකබලා ගැනීම සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද එම කලාපයේ සංචාරයක නිරත විය.
මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය පැනවෙන අතර, ස්වේච්ඡා සහන සේවකයන් ඇතුළු මුදාගැනීමේ කණ්ඩායම්වලට හැර සෙසු සියලු දෙනාට මෙම කාලය තුළ ගමන් කිරීම තහනම් වෙයි.