ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් ප්‍රථම වරට ප්‍රසිද්ධියේ අදහස් දක්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව පසුගිය මාසයේදී එකඟ වුවත්, ප්යොන්ග්යැන්ග් පාලනය ඒ සම්බන්ධයෙන් මුනිවත රකිනු ලැබීය.
ඒ අනුව, උතුරු කොරියාව හා ඇමෙරිකාව අතර සාකච්ඡාවෙන් සාර්ථකත්වයක් අපේක්ෂා කරන බව කිම් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව පිළිබඳ වැඩිදුර තොරතුරු, විශේෂයෙන් සාකච්ඡාව පැවැත්වෙන කාලය හෝ ස්ථානය පිළිබඳව මෙතෙක් නිවැරදි අදහසක් උතුරු කොරියාව විසින් ඉදිරිපත් කර නැත.
එනමුදු, ඇමෙරිකානු නායකයා පසුගිය සඳුදා පවසා සිටියේ ලබන මැයි හෝ ජුනි මාසවලදී තමන් කිම් මුණ ගැසීමට අදහස් කරන බවයි.