ඇමෙරිකාව හා රුසියාව අතර රාජතාන්ත්රික වශයෙන් ඇතිවී තිබෙන අර්බුදකාරී වටපිටාව හමුවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර පිහිටි රුසියානු කොන්සල් කාර්යාලය සහ වෙළෙඳ සභාවන් දෙකක් වසා දමන ලෙස ඇමෙරිකාව නියෝග කර තිබේ.
මේ අතර, නිව්යෝක් සහ වොෂිංටන් යන නගරවල පිහිටි රුසියානු කොන්සල් කාර්යාලය සහ එහි උප කාර්යාල හෙට දිනයට පෙර වසා දැමිය යුතු බවටද ඇමෙරිකාව නියෝග කර ඇත.
පසුගිය මාසයේදී මොස්කව් පාලනාධිකාරිය විසින් රුසියාවේ කටයුතු කරන රාජතාන්ත්රික නිලධාරීන් ප්රමාණය සීමා කිරීම සඳහා ගනු ලැබූ ක්රියාමාර්ගයට ප්රතිචාර වශයෙන් ඇමෙරිකාවද මෙම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
ක්රිමියාව මූලික කර ගනිමින් ඇමෙරිකාව රුසියාව වෙත පැනවූ සම්බාධක මෙන්ම මෙවර ජනාධිපතිවරණයේ රුසියාවෙන් සිදුවූවා යැයි කියන අතපෙවීම් මෙම අර්බුදය හට ගැනීමට හේතු වූ අතර, මේ වනවිට රුසියානු රාජතාන්ත්රිකයන් 35 දෙනෙකු පමණ ඇමෙරිකාවෙන් නෙරපා තිබේ.