වසර 15කට පසුව ඇමෙරිකාව හා කියුබාව අතර සෘජු දුරකථන සේවා ස්ථාපිත කර ඇති බව කියුබානු රජයේ විදුලිසංදේශ සමාගම පවසයි.
එම එටෙක්සා සමාගම පෙන්වා දෙන්නේ ආරම්භයක් වශයෙන් දුරකථන සේවා සඳහා පමණක් මෙම සම්බන්ධතාව පවත්වන බවයි.
මේ දක්වා ඇමෙරිකාව හා කියුබාව අතර දුරකථන සන්නිවේදනය වූයේ තෙවැනි පාර්ශ්වයේ රටක් සමග සම්බන්ධ වීමෙනි. එය මිල අධික ක්රමවේදයක් විය.
පසුගිය දෙසැම්බර් මාසයේදී දෙරට විසින් මුල් වරට රාජතාන්ත්රික සබඳතා ඇරඹීමත් සමග රටවල් දෙක අතර අත්සන් කළ ප්රථම ගිවිසුම ලෙසද මෙය සැලකෙයි.
ඒ අනුව, ඇමෙරිකාවට හා කියුබාවට මෙතැන් සිට දෙරට අතර සෘජු දුරකථන පහසුකම් භුක්ති විඳිය හැක.