ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානය ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි ඇමෙරිකානු හා ඔස්ට්‍රේලියානු මහාචාර්යවරුන් දෙදෙනෙකු බේරාගැනීමේ ඇමෙරිකානු මෙහෙයුමක් අසාර්ථක වී තිබේ.
මෙම මෙහෙයුම සඳහා ඇමෙරිකානු විශේෂ බලකාය සම්බන්ධ වුවත්, එහිදී ත්රස්තයන් කිහිප දෙනෙකු මරාදැමීමට හැකි වුවත් ඔවුන් සොයාගිය ප්‍රාණ ඇපකරුවන් එහි නොසිටි බව පෙන්ටගනය තහවුරු කර ඇත.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් ඇමෙරිකානු ආරක්ෂක අංශවලට හෝ සිවිල් ජනතාවට හානියක් සිදු නොවූ බවද පෙන්ටගනය කියයි.
මෙම මෙහෙයුම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබානොදුන්නත්, මෙම ප්‍රාණ ඇපකරුවන් දෙදෙනො පසුගිය අගෝස්තු මාසයේදී කාබුල් නුවරදී පැහැරගැනුණු මහාචාර්යවරු දෙදෙනෙකු බව තහවුරු වී තිබේ.
ඔවුන් ඇෆ්ගනිස්තානයේ කාබුල් විශ්වවිද්‍යාලයේ සේවය කළ මහාචාර්යවරු දෙදෙනෙකු බවද කියැවෙයි.
මෙම මුදාගැනීමේ මෙහෙයුම සඳහා ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් වෙත ජනපති ඔබාමා අවසරය ලබාදී තිබූ බවත් පෙන්ටගනය තහවුරු කරයි.
.