ඇමෙරිකාව තවදුරටත් ප්රංශයේ ඔත්තු බැලීමක් සිදු නොකරන බව ඇමෙරකානු ජනපති බරැක් ඔබාමා ප්රංශ ජනපති ප්රංශුවා හොලන්දේට සහතික වී තිබේ.
ප්රංශ ජනපතිවරු තිදෙනෙකු පිළිබඳව ඇමෙරිකාවේ රාජ්ය ආරක්ෂක ඒජන්සිය විසින් සිදුකළේ යැයි කියන ඔත්තු බැලීමක් සම්බන්ධයෙන් විකිලීක්ස් වෙබ් අඩවියේ අනාවරණයත් සමග ඔබාමා මෙසේ සිය අසල්වැසියා අමතා තිබේ.
අපි ප්රංශය ඉලක්ක නොකරන අතර, ඉදිරියේදීත් ඉලක්ක නොකිරීමට සහතික වෙනවා යැයි නායක දෙපළගේ දුරකථන සංවාදයේදී ඔබාමා පවසා ඇති බව ධවල මන්දිරය පවසයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා සඳහා ප්රංශ බුද්ධි අංශ වොෂින්ටනය බලා පිටත්ව ගොස් තිබේ.