එච්.අයි.වී./ඒඩ්ස් ආසාධිතයන් වෙනුවෙන් සිදුකරන ප්රතිකාර ඇමෙරිකාව තුළ තුනෙන් එකක් පමණ පසුගිය දශකය තුළ අඩුවී ඇති බව පර්යේෂකයන් පවසයි.
ඇමෙරිකාවේ ප්රාන්ත 50 තුළම සිදුකළ සමීක්ෂණයකට අනුව, 2002 වසරේදී පුද්ගලයන් ලක්ෂයකට 24.1ක් ලෙස පැවති එච්.අයි.වී. ආසාධිත පිරිස 2011 වනවිට 16.1 දක්වා අඩුවී ඇති බවයි.
ඒ අනුව, මෙම සමීක්ෂණ වාර්තාවත් සමග බලධාරීන් සතුටට පත්ව සිටින්නේ ඇමෙරිකාවෙන් ඒඩ්ස් වසංගතය තුරන් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරමිනි.
කෙසේ වෙතත් තවමත් වයස අවුරුදු 24ට අඩු සහ 45ට වැඩි පුරුෂ පක්ෂයේ සමලිංගිකයන් හා ද්වීලිංගිකයන් අතර එච්.අයි.වී. ආසාධනය වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවද එරටින් වාර්තා වෙයි.