ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ කලාපය වෙත වසර ගණනාවකට පසු බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විශේෂයෙන්ම ඇමෙරිකාවේ වොෂිංටන් නගරය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට මෙම හිම කුණාටු තත්ත්වය හේතු වී තිබේ.
මෙම හිම කුණාටු තත්ත්වය අංක 3 තත්ත්වයේ හිම කුණාටු තත්ත්වයක් ලෙස මේ වනවිට ගණන් බලා ඇති අතර, නිව්යෝක් නගරයේ පමණක් අඩි දෙකහමාරක පමණ හිම තත්ත්වයක් පවතින බව කියැවෙයි.
මිය ගිය පිරිසෙන් වැඩි පිරිසක් හිම තත්ත්වය සමග ඇති වූ රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව තිබේ.