ඇමෙරිකානු රජයේ වියදම් සඳහා වන අයවැය සම්මත කිරීම සඳහා කොංග්‍රසය වෙත සෙනට් සභිකයෙකුගේ විරෝධය එලල්වීමත් සමග යළිත් වරක් තාක්ෂණික වශයෙන් රජය යළිත් වරක් අක්‍රීය වීමේ අවදානමක් ඇතිවී තිබේ.
වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය මීට මාසයකට පෙර අක්‍රීය තත්ත්වයට පත්ව දින තුනක කාලයක් පැවති අතර, පසුව ඩිමොක්රටික් හා රිපබ්ලිකන්වරු ඊට ඡන්දය ලබාදීමත් සමග යළිත් වරක් රජය සක්‍රීය තත්ත්වයට පත්විය.
ජනපති ට්‍රම්ප් විසින් එරට ව්‍යවස්ථාදායකය වන කොංග්රස් මණ්ඩලය වෙත යොමුකරන ලද අතුරු අයවැය සඳහා වූ මූල්‍ය පනත් කොටුම්පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ වැඩි ඡන්දයෙන් සම්මත වුවත්, එය සෙනට් සභාවේදී පරාජයට පත්වීමත් සමග මෙම අර්බුදය හට ගැනුණි.
අදාළ පනත් කෙටුම්පත එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් වූ අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්ද 230ක් සහ විපක්ෂය ඡන්ද 197ක් ලැබී තිබුණි.
කෙසේ වෙතත්, ෆෙඩරල් අරමුදල් අවසන් වීමට පැය කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී සෙනට් මණ්ඩලය ඉදිරි වසර දෙකක් සඳහා වූ අයවැය ලේඛනය වෙනුවෙන් වූ පනත් කෙටුම්පත සම්මත කිරීමට සූදානම්ව සිටියේය.
එනමුදු, කෙන්ටකි සෙනට් සභික රෑන්ඩ් පෝල් මෙම පනතට විරෝධයක් දක්වමින් විවාදයක් ඉල්ලා සිටියේය.
රිපබ්ලිකන් පක්ෂයේ පිස්කල් ප්‍රතිපත්ති මෙන්ම, සංක්‍රමණිකයන් අවම කිරීම සඳහා ට්‍රම්ප් රජය ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව යමින් මේ ආකාරයෙන් යළිත් වරක් රජය අක්‍රීය කිරීමේ සැලසුමකට සෙනට් සභිකයන් කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුටත් පවසයි.