ඉරාක IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ අවසන් බලකොටුව ලෙස සැලකෙන මෝසුල් නගර සීමාවට ඉරාක හමුදා ඇතුළු වීමත් සමග ත්රස්තයන්ගේ බලාපොරොත්තු කෙමෙන් ගිලිහෙමින් පවතී.
2014 ජුනි මාසයේදී ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් අතට පත්වූ මෝසුල් නගරයේ බලය අහිමි වීම ඉරාකය තුළ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ බලය ගිලිහී යෑමක් හා ඔවුන් ගොඩනැගූ සිහින ඉස්ලාම් රාජ්‍ය බොඳවී යාමක් ලෙස විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ත්රසතයන්ගේ රහස් උමං මාර්ග, මරඋඟුල්, ස්නයිපර් ප්‍රහාර වැනි සැඟව සිට සිදුකරන පහරදීම් මෙන්ම මෝටර් ප්‍රහාර තවමත් සිදුවන නිසා අතිරේක භටපිරිස් පැමිණෙන තුරු හමුදා කණ්ඩායම් නගරය අත්පත් කරගැනීම සඳහා ඉවසිලිවන්තව බලාසිටින බවද කියැවෙයි.
මේ අතර, මෝසුල් දක්වා පැමිණි ඉරාක හමුදා ගෙයින් ගෙට යමින් සියලු සෝදිසි කිරීම් සිදුකරන බවත්, සැකසහිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත්, අවශ්‍ය ආධාර සැපයීමත් නිසි පරිදි සිදුවන බවත් යුද බිමේ සිටින විදෙස් මාධ්‍ය නියෝජිතයෝ පවසති.
මීට සති දෙකකට පෙර ආරම්භ වූ මෝසුල් මුදාගැනීමේ මෙහෙයුම ජිහාඩ් අන්තවාදය පරාජය කිරීමේ සාර්ථක මෙහෙයුමක් බවට විවාදයක් නැතත්, ඇමෙරිකානු ජනාධිපතිවරණය හා සමගාමීව මෙය සිදුවීමේද විශේෂත්වයක් පවතින බවද ස්වාධීන විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
විශේෂයෙන්ම, ඇමෙරිකාව මෙතරම් කාලයක් බලා සිට, අවසානයේදී මැතිවරණයේ උච්චතම අවස්ථාව එළැඹෙන විට ඔබාමා පර්ශ්වයට හෙවත්, ඩිමොක්රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වෙත ලකුණු දමාගැනීමක් මෙම මෝසුල් අත්පත් කරගැනීම හරහා සිදුකරන බවක්ද කියැවෙයි.
මෙම මෙහෙයුමට ඉරාක රජයේ හමුදාව, කුර්දි හා අරාබි ජනවර්ගවලට අයත් සටන්කාමීන් මෙන්ම සමස්තයක් ලෙස 50,000කට ආසන්න හමුදා බලඇණියක් සම්බන්ධ වී සිටිති. එමෙන්ම, ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් ප්‍රහාරක ශක්තියද ඊට ලැබී ඇත.
ඉරාකයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන මෝසුල් හි සාමාන්‍ය වැසියන් දසලක්ෂයක් පමණ සිටින බව කියැවෙන අතර, එම ජනතාව ත්රස්තයන් විසින් මිනිස් පළිහක් ලෙස යොදා ගන්නා බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.
මේ අතර, ත්‍රස්ත ග්රහණයෙන් මිදී පළා ආ බොහෝ සාමාන්‍ය වැසියන් සටන් භූමියේ සිටින විදෙස් මාධ්‍ය නියෝජිතයන්ට පවසා තිබුණේ, තමන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ග්‍රහණයේ මහත් වූ භීතියකින් දිවි ගෙවූ බවයි. එමෙන්ම, පසුගිය වසර දෙකක කාලය නිවසින් බැහැරට නොගිය කාන්තාවන්ද විදෙස් මාධ්‍ය නියෝජිතයන් හමුවේ සිය අනුවේදනීය කතා ප්‍රවෘත්තීන් පවසා තිබුණි.
කෙසේ වෙතත්, ත්රස්තයන්ට එරෙහිව ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ උදව්වෙන් සිදුවන මෙම සටනේදී සාමාන්‍ය ජනතාවට සිදුවන හානි පිළිබඳව එතරම් උලුප්පා දැක්වීමක් බොහෝ විදෙස් මාධ්‍යවල දක්නට නොමැති වීමද විශේෂත්වයකි.
ස්වාධීන විදෙස් මාධ්‍ය පෙන්වාදෙන පරිදි මෝසුල් නගරය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ග්රහණයෙන් යළි මුදාගැනීම බොහෝ විට ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉතා ආසන්නව තිබියදී අවසන් වීමේ පෙරනිමිති දැනටමත් පළ කර ඇත.