සැඟව සිට වෙඩි තබමින් ඇමෙරිකානු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කළ ඝාතකයා අත්අඩංගුවට ගත් බව ලෝවා ප්රාන්ත පොලීසිය පවසයි.
ස්කොට් ග්රීනී නමැති 46 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩෙස් මොනීස් ප්රදේශයේ, උර්බැන්ඩේල් නගරයේදීය.
ඇමෙරිකානු වේලාවෙන් බදාදා අලුයම 01.06 ට පමණ උර්බැන්ඩේල් නගරයේදී ප්රථම නිලධාරියා වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, ඉන් විනාඩි 20කට පමණ පසුව ඊට ගොඩනැගිලි කිහිපයකට ඔබ්බෙන් අනෙක් නිලධාරියා වෙඩි තබා ඝාතනය කර තිබුණි.
මෙම නිලධාරීන් දෙදෙනාම තම මෝටර් රථවල සිටියදී මෙම වෙඩි තැබීමට ලක්ව ඇති බවත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් පොලීසිය කියයි.