ඇමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් සතියක් තිබියදී සිය වෙනස්කම් විදහා දක්වමින් ජනතාව වෙත යෑමට ඩිමොක්රටික් හා රිපබ්ලිකන් අපේක්ෂකයන් කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, ෆ්ලොරිඩා ප්රාන්තය වෙත යන ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පසුගිය වසර 08ක කාලය තුළ සිදුකළ ආර්ථික සහ සමාජ ඉදිරිගමන පිළිබඳව මතුකොට දක්වා ජනතා මනාපය දිනාගැනීමට අපේක්ෂා කර තිබේ.
එමෙන්ම, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් තම පණිවුඩ මගින් හිලරි ක්ලින්ටන් ප්රධාන දූෂිත වොෂින්ටන් ඉහළ පැලැන්තිය දැඩි දෝෂ දර්ශනයට ලක්කරන අතර, සිය පාලනයක් යටතේ ඇමෙරිකාව තුළ නවතම වෙනසක් සිදුකරන බව අවධාරණය කර තිබේ.
තවමත්, සමීක්ෂණ වාර්තා අනුව හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් සිටියද, පසුගිය දින කිහිපය තුළ අපේක්ෂකන් දෙදෙනාගේ ඡන්ද ප්රතිඵල පුරෝකථනයන්ට අනුව ඩොනල්ඩ් ට්රම්ප්ද හිලරිට සමීප වෙමින් සිටියේය. ඒ අනුව, මෙම සමීප වීම තවදුරටත් පවත්වා ගනිමින් ජයග්රාහී මාවත කරා එළැඹෙන බව ට්රප්ම් අවධාරණය කර තිබේ.
අද (05ද) ෆ්ලොරීඩා, උතුරු කැරොලීනා සහ නෙවාඩා යන ප්රාන්ත වෙත සංචාරය කරමින් ප්රචාරක රැලි පැවැත්වීමට නියමිතය.