ඊශ්රායලයේ බෙන් ගූරියන් ගුවන්තොටුපළට සැතපුමක් ඔබ්බෙන් රොකට් ප්රහාරයක් පතිත වීමත් සමග ඇමෙරිකානු සහ යුරෝපා ගුවන් සේවා එම ගුවන් තොටුපළ වෙත කෙරෙන ගුවන් ගමන් වාර නවතා දමා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් පාලක මණ්ඩලය විසින් මේ වනවිටත් ඊශ්රායලය බලා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක්ම දින දෙකක් සඳහා අවලංගු කර තිබේ.
එමෙන්ම, යුරෝපා ගුවන් පාලක මණ්ඩලය විසින් ටෙල් අවීව් වෙත පියාසර නොකරන ලෙස යුරෝපා ගුවන් යානාවලට අනතුරු ඇඟවීමක් කර තිබේ.
මේ තත්ත්වය තුළ ඊශ්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකාවෙන් ඉල්ලා ඇත්තේ සිය ගුවන් ගමන් යළි ආරම්භ කරන ලෙසය.
ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී වෙත දුරකථනයෙන් කතා කරමින් තහනම ඉවත්කරන ලෙස අගමැතිවරයා ඉල්ලා ඇති බව පැවසෙයි.