ඇමෙරිකා එක්සත් ජනපදය යුනෙස්කෝවෙන් ඉවත්වේ
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, සමාජ හා සංස්කෘතික ආයතනය වන යුනෙස්කෝ සංවිධානය ඊශ්‍රායලයට එරෙහිවීම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය එම සංවිධානයෙන් ඉවත් වී තිබේ.
ලෝක උරුම ස්ථාන නම් කිරීමට කටයුතු කරන යුනෙස්කෝ සංවිධානය, ඊශ්‍රායලයේ පැල්මයිරා, ඇමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රෑන්ඩ් කැනියෝන් ආදී ස්ථාන ලෝක උරුම ස්ථාන ලෙස නම් කිරීමට කටයුතු කළ ආයතනයයි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා ඇත්තේ එම සංවිධානය වෙත ලබාදෙන මූල්‍ය දායකත්වයද කපා හැරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. එමෙන්ම, එම සංවිධානයේ කඩිනම් ප්රතිසංස්කරණයක් අවැසි බවද ඇමෙරිකාව අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත්, යුනෙස්කෝ ප්‍රධානී අයිරීන් බොකෝවා පවසා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයෙන් ඉවත්වීම දැඩි කනගාටුවක් ඇති කළ අවස්ථාවක් බවයි.
එය එක්සත් ජාතීන්ගේ පවුලට මෙන්ම බොහෝ අංශයන් කෙරෙහි සිදුවූ අහිමි වීමක් බවද යුනෙස්කෝ සභාපතිනිය වැඩිදුරටත් පවසා සිටියාය.
මේ අතර, පැරීසිය කේන්ද්‍ර කරගත් සංවිධානයේ ප්‍රතිව්‍යුහගත කිරීම් නිරීක්ෂණයට ඉදිරියේදී තම දූත පිරිසක් යැවෙනු ඇති බවද ඇමෙරිකාව පවසා තිබේ.
යුනෙස්කෝව මෑතකාලීනව ගත් තීන්දු තීරණ ඇමෙරිකාවේ හා ඊශ්‍රායලයේ විවේචනයට නිරන්තරයෙන් බඳුන් වී තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                    
 
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                