ඉ-වාණිජ ක්ෂේත්රයේ හා ක්ලවුඩ් පරිගණක සමාගමක් ලෙස ප්‍රකට ඇමසෝන් සමාගමේ වත්කම් ඉහළ යෑමත් සමග එහි ආදිකර්තෘ ජෙෆ් බෙසෝස් ලොව තෙවැනි ධනවතා බවට පත්ව තිබේ.
ෆෝබ්ස් සඟරාව පෙන්වාදෙන පරිදි ඇමසෝන් කොටස් අයිතියෙන් 18% ක් බෙසොස් සතු වන අතර, මෙම කොටස් මිල 2% ක ඉහළ යෑමක් බ්‍රහස්පතිනිදා වනවිට පෙන්නුම් කර තිබුණි. ඒ අනුව, බෙසෝස්ගේ වත්කම් ප්‍රමාණය ඇ.ඩො.බිලියන 65.3 දක්වා ඉහළ යනු ඇත.
එමෙන්ම, ඇමසොන් සමාගමේ ආදායම්ද පුරෝකථනද අභිභවා ඉහළ ගොස් තිබුණේ පසුගිය වසරේ දෙවැනි කාර්තුවට වඩා 31% ක වර්ධනයක් සමගිනි.
ඒ අනුව, 2015 වසරේදී ඇ.ඩො.මිලියන 92ක වටිනාකමකින් යුතු වූ ඇමසොන් සමාගමේ වත්මන් වටිනාකම ඇ.ඩො.මිලියන 857 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, මේ වනවිට බෙසෝස් අභිභවා සිටින්නේ මයික්‍රොසොෆ්ට් ආදිකර්තෘ බිල් ගේට්ස් (ඇ.ඩො.බි.78) සහ සාරා ආදිකර්තෘ ඇමනෝසියෝ ඔර්ටේගා (ඇ.ඩො.බි.73.1) පමණි.