පේරු හි ඇමසන් වනාන්තරයේ සිටින මිනිස් ඇස නොගැටුණු ගෝත්‍රිකයන් අවි ආයුධ රැගෙන ඒ ආශ්රිත ගම්මාන වෙත කඩා පනින නිසා ඒවායෙහි ජනතාව ඉන් ඉවත් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.
මෂ්කෝ පීරෝ ඉන්දියන්වරු ලෙස සැලකෙන මෙම ගෝත්‍රිකයන් 200ක් පමණ දුණු, ඊතල, හෙල්ල ආදී අවි ආයුධ දරමින් මොන්ටේ සැල්වදෝර් ගම්මානය වෙත කඩා පනිමින් එහි වූ ආහාර ද්‍රව්‍ය රැගෙන යන බව කියැවෙයි.
එමෙන්ම, එම ගම්මානවල ජීවත්වන මිනිසුන් ඇති කරන සතුන්ද මොවුන් විසින් දඩයම් කරගෙන යන බවත්, ඔවුන්ගේ හැලි වළං හා උදලු, පිහි ආදී වානේ භාණ්ඩ රැගෙන යන බවත් කියැවෙයි.
කෙසේ වෙතත් මෙහිදී ඔවුන් කිසිවෙකුට ප්‍රහාරයක් එල්ල කර නොමැති වුවත්, ජනතාවගේ ආරක්ෂාව පතා ඔවුන් එම ගම්මානයෙන් ඉවත් කළ බව බලධාරීහු පවසති.