ඇන්ත්රැක්ස් වෛරසයේ සජීව සාම්පල් කිහිපයක් ඇමෙරිකාවේ රසායනාගාර 9ක් සහ දකුණු කොරියාවේ ඇමෙරිකානු හමුදා කඳවුරක් වෙතද මෙසේ වැරදීමකින් තැපැල් කර එවා ඇතැයි පෙන්ටගනය පවසයි.
කෙසේ වෙතත්, මේ සිදුවීමෙන් පසුව ඊට නිරාවරණය වූයේ යැයි පැවසෙන පිරිස් වෛරස නිවාරණ ප්රතිකාර සඳහා යොමු කර ඇති අතර, කිසිවෙකුටත් වෛරසය ඇතුළු වී ඇති බවට තොරතුරු වාර්තා වී නොමැති බවද කියයි. කෙසේ වෙතත්, මේ පිළිබඳ පෙන්ටගනය පරීක්ෂණයක් අරඹා ඇත.