ප්‍රංශය සමග ආර්ථික සබඳතා ඇතිකර ගැනීමේ අරමුණින් ඉරාන ජනපති හස්සන් රොයුහානි පසුගිදා ප්‍රංශය වෙත පැමිණියේය.
යුරෝපා ආර්ථික සම්බාධක ඉවත් කිරීමත් සමග ඉරානය තුළ ආයෝජන අවස්ථා සලකා බැලීමට ප්‍රංශයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමග රොයුහානි සාකච්ඡා පවත්වා තිබේ.
ආර්ථික සම්බාධක ඉවත් කිරීමෙන් පසුව ඉරාන නායකයා යුරෝපයේ සිදුකරන ප්‍රථම සංචාරය අතරතුර හෙතෙම මෙසේ ප්‍රංශය වෙත පැමිණ තිබුණේ, 120 දෙනෙකුගෙන් සමන්විත ඉරාන දූත පිරිසක්ද සමගිනි.
මේ වනවිට ඉරානය වෙත පැමිණ ආයෝජන ඇරඹීමේ කිසිදු බාධාවක් මා දකින්නේ නෑ. මගේ මේ සංචාරයේ අරමුණත්, ඉරානය ආයෝජන සඳහා දොරටු විවෘත කළා යන්නයි යනුවෙන් ඉරාන නායකයා පැවසීය.
මේ අතර, ප්‍රංශයේ එයාර්බස් සමාගමෙන් ඉරානය වෙත ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන්ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ.