වනසතුන් දඩයම් කිරීමේ යෙදන හා එම සතුන් විදේශ රටවලට යැවීමට කටයුතු කරන ජාවාරම්කරුවන්ට එරෙහිව ඉස්ලාමීය ෆට්වා දණ්ඩකය ක්‍රියාත්මක කරන බව ඉන්දුනිසියාවේ ප්‍රධාන ඉස්ලාමීය පූජක මණ්ඩලය පවසා තිබේ.
එරට සිදුවන වන විනාශය හා සතුන් දඩයම පෙර කාලවලට වඩා අධික වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත්, වන සතුන් සංරක්ෂණය වෙනුවෙන් මෙවැනි පියවරක් එදාමෙදාතුර ඉන්දුනීසියාවේ ගෙන නොතබුණු බවත් එරටින් වාර්තා වෙයි.
ඒ අනුව, අනවසරයෙන් සතුන් රට පැටවීමේ ජාවාරම මැඬලමින්, සත්ව වාසභූමි විනාශ නොකොට, වනසතුන් සුරැකීමට පියවර ගන්නා ලෙස එම ඉස්ලාමීය පූජක මණ්ඩලය ඉල්ලා තිබේ.
දැව කැපීම නිසා සිදුවන වනාන්තර විනාශයත්, කෘෂිකර්මය සහ සංවර්ධන ව්‍යාපෘතීන් නිසාත්, ඉන්දුනීසියානු භූමියේ බොහෝ දුර්ලභ වනසතුන් රැසක් වඳ වී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති බව කියැවෙයි.
මිනිසුන්ට ආණ්ඩුවේ නීතිවලින් රිංගා යාමට හැකි වුණත්, දෙවියන්ගේ වචනයෙන් බේරීයාමට කිසිවකුට නොහැකි බවත්, එම පූජක මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.