උතුරු අර්ධගෝලයේ අයිස් තට්ටුව මෙතෙක් වාර්තා වූ දෙවැනි අවම අගය දක්වා අඩු වී ඇති බවට විදාඥයෝ අනතුරු අඟවති.
සෑම වර්ෂයකම වසන්ත හා ගිම්හාන කාලවලදී උතුරු අර්ධගෝලයේ අයිස් තට්ටුව ස්වභාවිකවම යම් ප්‍රමාණයකින් අඩුවීම සිදුවන්නේ ශීතකාලය උදාවන තුරුය. නමුත්, 2016 වසරේදී සිදුව ඇති අයිස් තට්ටුවේ අඩුවීම ඇදහිය නොහැකි තරම් බව විද්‍යාඥයෝ පවසති.
2016 වසරේ පැවති කාලගුණය දෙස බැලුවොත් එය මේ ආකාරයෙන් අයිස් තට්ටුව දියකර හැරීමට තරම් ප්‍රබල කාලගුණික තත්ත්වයක් නොවීත්, මෙවර චන්ද්‍රිකා දත්තවලට අනුව ඓතිහාසිකව දෙවැනි අවම අයිස් අගය මෙම වර්ෂයේදී දැනට ලැබී තිබේ.
නාසා හා මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන තවත් ආයතනවලට අනුව පසුගිය සැප්තැම්බර් 10 වැනිදා මෙම වර්ෂයේ අයිස් තට්ටුවේ පැවති අවම අගයට එය ළඟා වී ඇති අතර, සමස්තයක් ලෙස අයිස් තට්ටුව විසින් ආවරණය කර ඇත්තේ වර්ග කිලෝමීටර් මිලියන 4.4.ක භූමි ප්‍රදේශයක් පමණි. මෙය 2007 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී වාර්තා කළ අයිස් තට්ටුවේ මට්ටමට සමාන බවද විද්‍යාඥයෝ පවසති.
ආක්ටික් මුහුදේ අයිස් තට්ටුව පෘථිවයේ උෂ්ණත්වය පාලනය සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදුකරයි.
මේ ආකාරයෙන් ආක්ටික් අයිස් තට්ටුව අඩු වීම ආක්ටික් පරිසර පද්ධතියට හා ජීවීන්ටද දැඩි බලපෑමක් ඇති කරනු ඇති බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති.