IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානයේ ඇෆ්ගනිස්තානය තුළ අණදෙන්නෙකු ලෙස කටයුතු කළ සාද් එමාර්ටි නමැත්තා ඝාතනය කළ බව එරට ආරක්ෂක අංශ පවසයි.
ඇෆ්ගනිස්තාන හා පාකිස්තාන ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානයේ ප්රාරම්භකයෙකු ලෙස සැලකෙන මොහු ඇෆ්ගන් රජයට මෙන්ම, තලේබාන් සංවිධානයටද එරෙහිව ප්රහාර කිහිපයක්ම දියත් කළ අයෙකු ලෙස සැලකෙයි.
ඇෆ්ගනිස්තානයේ කෝට් දිස්ත්රික්කයේ සිදුකළ විශේෂ හමුදා මෙහෙයුමකින් මොහු ඇතුළු තවත් ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් 120ක් පමණ මරාදැමීමට හැකි වූ බව ආරක්ෂක අංශ පවසයි.
මොහු ආරම්භයේදී තලේබාන් සංවිධානයේ අණදෙන්නෙකු ලෙස කටයුතු කර ඇති අතර, ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානයේ මුල්ලාහ් ඕමාර්ගේ මරණයෙන් පසුව ඔහු එම සංවිධානය සමග එකතුව ඇති බව කියයි.
ඔහුගේ මරණය මෙම කලාපය තුළ ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ට එරෙහි ප්රබල ප්රහාරයක් බවද ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසා සිටියි.