අසැබි ඇප්වල සැරිසැරුවොත් කම්පම්වලට හසුවේවි?
වැඩිහිටියන්ට පමණක් සීමා වූ ඇන්ඩ්‍රොයිඩ් ඇප් වැඩසටහනක් ලෙස පෙනී සිටිමින්, ජංගම දුරකථනය භාවිත කරන පරිශීලිකයාට හොරෙන්, ඔහුගේ හෝ ඇයගේ ඡායාරූප ලබාගෙන කප්පම් ඉල්ලා සිටීමේ සිදුවීමක් වාර්තා වෙයි.
ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇති පරිදි, මෙසේ ලබාගත් ඡායාරූප හරහා ඊට ගොදුරුවූවන්ගෙන් කප්පා ලබාගැනීමට මෙම ඇප් වැඩසටහන නිර්මාණය කළ පිරිස් කටයුතු කර තිබේ.
අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ ලබාදෙන ආකාරයෙන් ක්‍රියාකර ඇති මෙම ඇප් වැඩසටහන, එකී පරිශීලකයන්ගේ ඡායාරූප හොර රහසේ ලබාගෙන ඇත්තේ එම ජංගම දුරකථනවල වූ ඉදිරිපස කැමරාවෙනි.
එසේ ලබාගත් ඡායාරූපය සමගම, අදාළ ජංගම දුරකථනය අගුළුලන මොවුන්, ඇ.ඩො.500ක කප්පමක් ගෙවිය යුතු බවට පණිවුඩයක්ද තිරයට ලබාදී ඇති බව කියයි.
සයිබර් අපරාධ සම්බන්ධ විශේෂඥයෙකු පවසා ඇත්තේ මෙසේ සයිබර් අවකාශයේ කප්පම් ලබාගැනීම මේ වනවිට දරුණු ගණයේ අපරාධයක් බවට පත්ව ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

