කෘශ ශරීරයේ ලෝම තට්ටුව වෙනුවට රෝගී සමක් සහිත දඩාවතේ ගිය සුනඛයෙකු ඉන් මුදවාගෙන සති හයක් තුළ එම සුනඛයාට ජීවිතය ලබාදුන් සිදුවීමකට අන්තර්ජාලයේ ඉහළ ප්රතිචාර හිමිව තිබේ.
ඉන්දියාවේ ඇනිමල් ඒඩ් අන්ලිමිටඩ් ආයතනය විසින් වීදියක අතරමංව සිටි මෙම සුනඛයා අල්ලා ගැනීමෙන් පසු, මෙම සත් කාර්යය සිදුකර තිබේ.
සති හයක් තුළ සුනඛයාට නිසි ආහාර ලබාදෙමින්, සමේ පැවති රෝග සුව කරමින්, දුගඳ හැමූ සුනඛයා නහවා ප්රතිකාර කරමින් මේ වනවිට හොඳ නිරෝගී සත්වයෙකු බවට එම සුනඛයාව පත්කොට ඇත.
එම ආයතනයේ සේවකයන් පවසන පරිදි මුලින් බයාදු ගතියත් පෙන්නුම් කළත් මේ වනවිට හොඳ කඩිසර සුනඛයෙකු ලෙස මේ අහිංසකයා හැසිරෙන බවයි.