මියන්මාරයේ වසර 25ක ඉතිහාසයේ පැවති වඩාත්ම ප්රජාතන්ත්රවාදී මහ මැතිවරණයෙන් අවුන්ග් සාන් සුකීගේ නායකත්වයෙන් තරග කළ ප්‍රජාත්‍රන්ත්‍රවාදය පිළිබඳ ජාතික ලීගය අති විශිෂ්ට ජයක් හිමි කරගෙන තිබේ.
නිල මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ජයග්‍රහණයත් සමග පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන මියන්මාරයේ ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එම ලීගයට ලැබී තිබේ.
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජයග්‍රාහී පක්ෂයට ජනාධිපති ධුරයට පුද්ගලයකු පත්කර ගැනීමේ හැකියාව හිමි වුවත් පක්ෂ නායිකා අවුන්ග් සාන් සුකීට එම අවස්ථාව හිමි නොවනු ඇත.
ඒ ඇයගේ දරුවන් බ්‍රිතාන්‍ය ජාතිකයන් වන නිසාය. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විදෙස් ජාතිකයන් සිය පවුලේ සාමාජිකයන් වන කිසිම පුද්ගලයෙකුට මියන්මාර ජනාධිපති ධුරයක් හෙබවීමේ අයිතියක් නැත
කෙසේ වෙතත්, මෙම නීතිය වෙනස් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් පවා ගෙන ඒමේ හැකියාවක් ඇයට නොලැබෙන්නේ, පාර්ලිමේන්තුවේ අනිවාර්ය 25% බලය හමුදා පාලනයට හිමි වන නිසාය. එසේ කිරීමට උත්සාහ කළහොත් ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහි වෙමින් වීටෝ බලය භාවිත කිරීමට ඔවුන්ට හැකියාව ඇත.
මීට පෙර 1990 මියන්මාර පැවති මැතිවරණයෙන්ද අවුන්ග් සාන් සුකී ජයග්‍රහණය කළද එය අවසන් වූයේ හමුදා පාලනය විසින් ඇයව වසර 15ක් නිවාස අඩස්සියට ඇද දමමිනි.