මෙරෙන්ටි සුළි කුණාටුවෙන් පසුව යළි යථාතත්ත්වයට පත්වෙමින් ඇති ෂියාමෙන් නගරයේ පිරිසුදු කිරීම්වලට සහභාගී වූ ස්වෙච්ඡා සේවකයෙකු සමග අවු කණ්ණාඩියක් පැළඳ, කුඩයක් ඉහළාගෙන සම්මුඛ සාකච්ඡාවක යෙදුණු චීන රූපවාහිනී මාධ්‍යවේදිනියක සේවයෙන් පහ කර තිබේ.
නම සඳහන් කර නොමැති මෙම මාධ්‍යවේදිනිය සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට පැමිණි ස්වෙච්ඡා සේවකයන් අතර වෘත්තීයභාවයකින් තොරව කටයුතු කිරීම මත මෙසේ සේවයෙන් පහර කර ඇති බව කියැවෙයි.
ඇය එම සම්මුඛ සාකච්ඡාව පවත්වන වීඩියෝවක් එරට සමාජජාල තුළ ප්‍රචලිත වීමත් සමග මෙය උණුසුම්කාරී තත්ත්වයක් බවට පත්වී, ඇය සේවයෙන් ඉවත්කොට ඇති බවද කියැවෙයි.
ෂියාමෙන් රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇතේතේ, ඔවුන්ගේ එක් මාධ්‍යවේදිනියක් ඔවුන්ගේ නීතිරීතිවලට ගරු නොකර කටයුතු කරමින්, නිවැරදි සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට අපොහොසත් වී ඇති බවයි.
එමෙන්ම, මෙම සිදුවීමෙන් මාධ්‍යවේදී ප්‍රතිරූපයට මෙන්ම, ජනතාව අතරද සෘණාත්මක ආකල්පයක් ඇති වන බවද එම නිවේදනයෙන් ඔවුන් වැඩිදුරටත් පවසයි.