අගෝස්තු මසදී දරුවෙකු ප්රසූත කළ වයස අවුරුදු 10ක දැරිය අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ ඥාතී මාමාවරුන් දෙදෙනෙකු වැරදිකරුවන් බවට පත්ව තිබේ.
විශේෂ අධිකරණයක් මගින් ඇසුණු මෙම නඩුවේදී චෝදනාවට ලක්වූ මෙම මාමාවරුන් දෙදෙනා සම්බන්ධයෙන් පැනවෙන දඬුවම් හෙට දිනයේදී ප්රකාශයට පත්කිරීමට නියමිතය.
පසුගිය ජූලි මාසයේදී ඇය ගැබ්ගෙන බව ඇගේ දෙමවුපියන් විසින් අනාවරණය කරගෙන තිබුණේ බඩේ වේදනාවක් නිසා මෙම දරුවා රෝහල්ගත කිරීමෙන් පසුවය.
මෙම දරුවා ප්රසූත කළ බිළිඳු දරුවාගේ ඩී.එන්.ඒ. සාම්පල සමග පළමුව අත්අඩංගුවට පත් මාමාගේ ඩී.එන්.ඒ. නොගැලපීම නිසා දෙවැනි මාමා හෙවත් ඔහුගේ බාල සොහොයුරා අත්අඩංගුවට පත්වූ අතර ඔහුගේ ඩී.එන්.ඒ. ගැලපී තිබුණි.
කෙසේ වෙතත්, මෙම අපයෝජනයට මෙම මාමාවරුන් දෙදෙනාම සම්බන්ධ බව අධිකරණය හමුවේ ඔප්පු වී තිබේ.
මෙම 10 හැවිරිදි දැරිය පිළිබඳව ඉන්දියාව පුරා මෙන්ම, ලොව පුරා පුවත් මැවෙන්නට වීමත් සමග මෙම නඩුව විශේෂ අධිකරණයක් හමුවේ වේගවත්ව ඇසීමට තීරණය කෙරිණි.