රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ කර්මාන්ත සවිබල ගැන්වීමේ පියවරක් ලෙස අවි ආයුධ අපනයනය සම්බන්ධයෙන් වූ සීමා ලිහිල් කිරීමට ජපානය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ජපානය මෙම තීරණය ගෙන ඇත්තේ වසර පනහකට පසුව ප්‍රථම වතාවටය. මීට පෙර ජපානය, එක්සත් ජනපදයට තාක්ෂණය ලබාදුන් නමුත් අවි ආයුධ අපනයනයට ස්වයං සීමා පනවා ගෙන සිටියේය.
කෙසේ වෙතත් ජපානයේ මෙම නව තීරණය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බව චීනය අවධාරණය කළේය. ඒ නැගෙනහිර චීන මුහුදේ ඇති දූපත්වල අයිතිය සම්බන්ධයෙන් දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක්ද පවතින වාතාවරණයකය.
කෙසේ වෙතත් ජපානය පෙන්වා දෙන්නේ, මෙසේ අවි ආයුධ අපනයනය කිරීමට පනවා තිබූ සීමාවන් ඉවත් කිරීම ඇමෙරිකාව සහ අනෙකුත් මිත්‍ර රටවල් සමග ආරක්ෂක සහයෝගීතාවක් ඇති කරගැනීමේ මුල් පියවරක් බවය.
එමෙන්ම, ජාත්‍යන්තර සහයෝගය වෙනුවෙන් හේතුවන සහ ජපානයේ ජාතික ආරක්ෂාව සහතික කෙරෙන අපනයනයන් පමණක් සිදු කරන බවද ජපානය අවධාරණය කළේය.